කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම්

රක්ෂිත බන්ධාගාර ගත කර සිටින කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කර කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස වැඩ තහනම් වන විට ඇය කටයුතු කළා.

මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.