පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් මාළු ඇල්ලූ දෙදෙනෙක් කොටුවෙයි

නාවික හමුදාව, ඊයේ (15) දින මන්නාරම මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කෙරුණා.

එහිදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන කිලෝ 370කට අධික මත්ස්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි වයස අවුරුදු 29ක් හා 48ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් සහ එම ලොරි රථය මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06