වැඩි මිලට බිත්තර අලෙවි කළ සුප්‍රසිද්ධ වෙළඳපොල ජාලයකට වැඩ වරදී

පාරිභෝගික ආරක්ෂාව සඳහා පනවා ඇති නීති හා විධාන උල්ලංඝනය කරමින් සටහන් කළ මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීම, භාණ්ඩවල සටහන් කර තිබූ මුල් මිල ඉවත් කර වෙනස් කිරීම සහ කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා තබා තිබීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ වෙළඳපොල ජාලයක ශාඛා දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

බණ්ඩාරගම, පානදුර පාරේ පිහිටි ඉන් එක් ශාඛාවක පසුගිය 31 වැනිදා පරීක්ෂා කිරීමේදී, බිත්තර 10ක් අඩංගු ඇසුරුමක උපරිම සිල්ලර මිල රු.590/- ලෙස පැහැදිලිව සටහන් කර තිබියදී එම ඇසුරුම රු.615/- කට අලෙවි කර ඇති බවත්, කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා තබා තිබූ බවත් අනාවරණය වී ඇති බවයි පාරිභෝගක අධිකාරිය පවසන්නේ.

මෙම නඩුව පසුගිය 03 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සමාගම අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව රු.200,000ක දඩයක් නියම කර තිබෙනවා.

එමෙන්ම එම වෙළඳපොල ජාලයේම මතුගම ශාඛාවේ පසුගිය 21 වැනිදා පරීක්ෂා කිරීමේදී, සටහන් කර තිබූ මුල් මිල ඉවත් කර මිල වෙනස් කරන ලද ග්‍රෑම් 100 Sweet Potato Chips ඇසුරුම් 05ක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබීම අනාවරණය වුණා.

විධාන අංක 85 සහ පනතේ 10(4) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පවරන ලද මෙම නඩුව පෙරේදා (14) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව රු.200,000/- ක දඩයක් නියම කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32