ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේ දී අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර ඇති කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙතෙක් සිදුකළ විමර්ශන අනුව නාමල් රාජපක්ෂට එම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර තිබූ කපිල චන්ද්‍රසේන විසින් ලබාගත් අල්ලස් මුදල ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබීම නිසා නාමල් රාජපක්ෂව එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට පියවර ගන්නා ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව එමගින් උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ, අනුව එකී උපදෙස් සම්බන්ධයෙන් මෝසමක් මගින් නඩුව කැඳවා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම නඩුවේ ද සැකකරු ලෙස නාමල් රාජපක්ෂාව නම් කිරීමට නියමිතයි .
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට ගුවන් යාන මිලදී ගැනීමට අදාළව ගණුදෙනුවේ දී රුපියල් ලක්ෂ සීයක අල්ලසක් 2014/15 වසර වලදී අවස්ථා කිහිපයකදී ලබා ගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය හතරවෙනිදා අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට නියෝග කරනු ලැබුවා.













