ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන රැළිය අද (12) අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.
‘පීඩක ආණ්ඩුවේ දුරුබලය බිඳින ජනසටන’ තේමාව ඔස්සේ පැවැත්වෙන මෙම ජන රැළිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි මීට පෙර සැලසුම්කර තිබුණේ.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ මෙම ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වෙනවා.
මෙම ජන රැළිය සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් කිහිපදෙනෙක්ම එක්වන බවයි තොරතුරු වාර්තා වුණේ.
මේ අතර මෙම ජන රැළිය වෙනුවෙන් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනය සූදානම් කරන ආකාරය ඊයේ (11) රාත්‍රියේ දී දැකගත හැකි වූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.













