කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ජස්ටින් අක්බාර් මාවත පහළ මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් හෙට (12) දින උදෑසන 09.30 සිට අනිද්දා (13) දින සවස 03.00 දක්වා කාලය තුළ දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබීම සිදුවන බවට ශ්රී ලංකා දුම්රිය සේවයේ ඉංජිනේරු අංශය මගින් දැනුම් දී තිබෙනවා.
එබැවින් දුම්රිය හරස් මාර්ගය වසා තබන ඉහත කාල සීමාව තුළ ගුවන් පාලම භාවිතා කරන ලෙසට පොලිසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













