පසුගිය දා පාකිස්ථානයේ සිට මෙරටට ප්‍රවාහන කරන ලද බහාලුම් 02 ක නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සඟවා මෙරටට ආනයනය කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට විර්මශනයක් සිදු කරමින් පවතිනවා.
මෙම විමර්ශනයට අදාළව යම් යම් අඩුපාඩු පැහැර හැරීම් නිරීක්ෂණය වු බැවින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි ඒ සම්බන්ධව අභ්‍යන්තර විර්මශනයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මේ වන විට ආරම්භ කර ඇති බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම විමර්ශනය ඉහත කී මත්ද්‍රව්‍ය සමඟ පොලිස් භාරයට ගත් බහාලුම් 02 ක සම්බන්ධව සිදු කරනු ලබන විමර්ශනයට කිසිඳු බාධාවක් නොවන බව දන්වා සිටින අතර, එම විමර්ශන කටයුතු ඉතා විනිවිදභාවයකින් යුතුව මධ්‍යම අපරාධ විර්මශන කාර්යාංශය විසින් සිදු කරමින් පවතින බව ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වනවා දන්වා සිටිමි.













