කෝටි ගණනක අස්වැසුමට විද්ද ගුරුවරු 06ක් සේවයෙන් දොට්ට

නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල්වංචා කිරිමක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරියන් දෙදෙනා, ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පිටර් පෝල් මහතා විසින් නියෝග කරනු ලැබුවා.

අද (08) දිනයේ දී එම සැකකාරියන් දෙදෙනා සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කළා.

නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ අස්වැසුම ප්‍රථිලාභින්ට ගෙවිය යුතු මුදල් අදාල ප්‍රථිලාභින්ට නොගෙවා එම මුදල් වංචා සහගතව තම ඥතින්ගේ ගිනුම්වලට බැරකර ගෙන ඇති බවට නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් විසින් කරන ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයක් මත මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස පොලිසිය අද (08) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මෙම වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගුරුවරුන් 06 දෙනෙක් ද වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත්කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි පැවසුවා.

විමර්ශනවල මුල් අවස්ථාවේදීම හැටන් අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 06 දෙනෙකු මෙම වංචාවට සම්බන්ධ බවට හඳුනාගෙන තිබුණා.

අදාළ ගුරුවරුන් 6 දෙනාම වංචනික ක්‍රමයට විශාල වශයෙන් අස්වැසුම දීමනාව ලබාගෙන ඇති බවට ද අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41