පාස්කු විත්තිකරුවන් 08ක් නීතිඥ සහාය නොමැතිව ලිඛිත දේශන ගොනු කරයි

නීතිඥ සහයක් නොමැතිව තමන්ම අධිකරණය හමුවේ විත්තියේ නඩුව වෙනුවෙන් පෙනී සිටි පාස්කු නඩුවේ විත්තිකරුවන් අට දෙනකු අද (08) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී විත්තියේ ලිඛිත දේශන ගොනු කරනු ලැබුවා.

එකී විත්තිකරුවන් අටදෙනා අතරින් හත් දෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් පරිගණක ආශ්‍රයෙන් යතුරු ලියනය කරන ලද පිටු තුන්සිය හැත්තෑයකින් (376) සමන්විත ලිඛිත දේශන ගොනු අධිකරණය හමුවේ ගොනු කරන ලද අතර එකොළොස්වන විත්තිකරු පමණක් සිංහල භාෂාවෙන් සකස් කරන ලද පිටු විසි අටකින් (28) යුත් යතුරු ලියනය කරන ලද විත්තියේ ලිඛිත දේශනය ගොනු කළා.

මෙකී විත්තිකරුවන් අටදෙනාම බන්ධනාගාර භාරයේ රඳවා සිටියදී මෙලෙස විත්තිය ලිඛිත දේශන විරෝධතා ගොනු කිරීම විශේෂත්වයක්.

හයවන විත්තිකරු පමණක් ලිඛිත විරෝධතා කිසිවක් අධිකරණය හමුවේ ගොනු කිරීමක් නොකළ අතර සෙසු විත්තිකරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට හා පැමිණිල්ල මෙහෙයවු අතිරේක සොලිසිටර් ජනරාල් වරයාට විත්තියේ හා පැමිණිල්ලේ ලිඛිත දේශන හෙට (09) පෙරවරු 12 වන විට මහාධිකරණයේ ලේඛකාධිවරයා වෙත ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ලේ නියෝග කළා.

එම නඩුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් හා සුජීව නිශ්ශංක යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුවා.

සහාරාන් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය එල්ල කරන බවට ලද තොරතුරු දැන දැනත් ඒ බව වසන් කිරීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නීතිපතිවරයා විසින් මුස්ලිම් මවුලවීවරුන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව එම නඩුව පවරා තිබූ අතර දාහත් වන විත්තිකරු නඩු විභාගය ආරම්භ කිරීමට පෙර බන්ධනාගාරයේ සිටියදී මිය යාම නිසා විත්තිකරුවන් විසි හතර දෙනාට එරෙහි නඩු විභාගය පැවැත්වුණා.

එම නඩුවේ තීන්දුව ලබන 22දා නිකුත් කිරීමට මේ වන විට දින නියම කර ඇති බැවින් එදින පෙරවරු 09.00ට පෙර විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට හා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාට විනිසුරු මඩුල්ල නියම කළා.

එමෙන්ම මෙම නඩුවේ දහතුන් වන චූදිත ලබන 15 වැනි දා ද වැලිසර රෝහලේ හා 18 වන දින ආයුර්වේද රෝහලේ පැවැත්වෙන වෛද්‍ය සායනය සඳහා ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

විත්තිකරුවන් 24 දෙනාම අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01