දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමඟ ගිවිසුම් තුනකට හෙට අත්සන් තැබේ

නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂ අමාත්‍ය රාජ්නාත් සිං අද (08) පස්වරුවේ දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍යවරයා සමඟ ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

අද (08) පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

මෙරට ශිෂ්‍යභට කණ්ඩායම් සහ ඉන්දියනු ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම, ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර අවබෝධා ගිවිසුම සහ ඉන්දියානු රජය විසින් මෙරටට ලබා දුන් ගුවන් ආරක්ෂක අවි නොමිලේ නඩත්තු කරදීම සඳහා වූ ගිවිසුම් සඳහා අත්සන් තැබෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය ආරක්ෂ අමාත්‍ය රාජ්නාත් සිං, නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 032 දරණ ගුවන් යානයෙන් අද දහවල් 01.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔහු සමඟ දූත පිරිස ලෙස එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 12 දෙනෙකු ද දිවයිනට පැමිණ සිටිනවා.

දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද පස්වරුවේ ඉන්දීය ප්‍රජාව මුණ ගැසීමට නියමිත අතර, හෙට (08) දිනයේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01