NATO සංවිධානයේ ආරක්ෂක ප්‍රධානීන් සහ මෙරට ආරක්ෂක ලේකවරයා අතර සාකච්ඡාවක් පසුගිය දා කැනඩාවේ දී සිදුවූ අතර, එහිදී කිසිඳු ගිවිසුමකට එකඟ වීමක් සිදු නොවුණු බව විදේශ කයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.
අමත්‍යවරයා මේ බව සදහන් කළේ, අද (08) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාතයවරයා සඳහන් කළේ, NATO සංවිධානය හරහා මෙරටට ලබාගත හැකි වාසිදායක තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත්, NATO ආරක්ෂක ප්‍රධානීන් සමඟ මීට පෙරද මෙරට ආරක්ෂක ප්‍රධානීන් සාකච්ඡාවල නිරත වී ඇති අතර, එය සුවිශේෂී තත්ත්වයක් මත සිදු නොවූ බවයි.













