පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23270 කට චෝදනා ලබා සිටින විත්තිකරුවන් 24 දෙනා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ලිඛිත දේශන ගොනු කළා.
ඉන් අනතුරුව අදාළ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළා.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකරුවන් විසින් ලිඛිත දේශන ඉදිරිපත් කිරිම සිදුකළා.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.













