සෑම රජයේ ආයතනයකටම ඩිජිටල් සංර්වර්තන ඒකකයක්

2025 – 2030 ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුන්නා.

එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආංශික ඩිජිටල් සංර්වර්තනය පාලනය කිරීමට සහ ජාතික ඩිජිටල් පොදු පහසුකම් මුල පිරීම සමඟ අනුකූල වීම සහතික කිරීමට හැකිවනු පිණිස රාජ්‍ය ආයතන තුළ ශක්තිමත් සහ ප්‍රමිතිගත ආයතනික යාන්ත්‍රණයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ඩිජිටල් සංවර්තනය නිසි අයුරින් මෙහෙය වීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහාම වෙන් වූ ඒකකයක් ලෙස සියලුම රජයේ ආයතනයන් තුළ ‘ඩිජිටල් සංර්වර්තන ඒකකය’ නමින් ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනු ලැබ ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

එම ඒකක පිහිටුවීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය ඇතුළත් ඩිජිටල් සංවර්තන ඒකක යොමු රාමුවක් (Reference Framework) GovTech ශ්‍රී ලංකා ( පුද්ගලික) සමාගම විසින් සකස් කරනු ලැබ තිබෙනවා.

එකී රාමුවට අනුව ආයතන ප්‍රධානියාට සෘජුවම වාර්තා කරන ප්‍රධාන ඩිජිටල් නිලධාරියෙකු (Chief Digital Officer) ඩිජිටල් සංවර්තන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, එම ඒකකය මඟින් ව්‍යවසාය නිර්මාණ ශිල්පය, දත්ත සහ කෘත්‍රිම බුද්ධි සහාය, සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ, අන්තර් ක්‍රියාකාරිත්ව සහාය සහ උපදේශන කාර්යයන් සඳහා විශේෂඥ දැනුම GovTech ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම වෙතින් රාජ්‍ය ආයතන වලට ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.

ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් සංවර්තන ඒකක පිහිටු වීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01