මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි ලබන (11) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (07) දිනයේදීයි.
පසුව සැකකාර හිමියන් මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (08) දක්වා බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණා.
ඒ අනුව බන්ධනාගාරය අද (08) දිනයේ දී සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.













