විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එම සෙබළාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධය සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඒ, අනුව ඊයේ (07) දහවල් කිරිඳිවැල පොලිස් වසමේ නාරංගස්පිටිය ප්‍රදේශයේ දී අදාළ සැකකාර බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
2018 වසරේ 09 මස 09 දින අදාළ විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණා.
එම අපරාධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ වරදට අවුරුදු 49ක් වන මෙම සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













