සීයාගේ කැබ් රථයට යට වී මිණිපිරී අවසන් ගමන් යයි

කිළිනොච්චිය පොලිස් වසමේ, උරුත්තිරපුරම්ශි – වනගර් ප්‍රදේශයේදී සීයා පැදවූ කැබ් රථයට යටවී වයස අවුරුදු එකහාමාරක දැරියක් ඊයේ (05) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටිය දී, දැරියගේ සීයා විසින් මිදුලේ නවතා තිබූ කැබ් රථය පසුපසට ගැනීමට ගොස් ඇති අතර, එම අවස්ථාවේ දැරිය දුවගෙනවිත් කැබ් රථයේ රෝදයේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී, කැබ් රථයේ රෝදයට යටවූ දැරිය කිළිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇති දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.