ඉන්දියානු බැංකු පද්ධතියේ අතිරික්ත මුදල් වාර්තාගත මට්ටමකට

විදේශ මුදල් තැන්පතු විශාල වශයෙන් ඉන්දියානු බැංකු වෙත ගලා ඒමත් සමඟ එරට බැංකු පද්ධතියේ භාවිතයට පවතින අතිරික්ත මුදල් ප්‍රමාණය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා.

Reuters වාර්තාවකට අනුව සැප්තැම්බර් 3 වනවිට ඉන්දියානු බැංකු පද්ධතියේ ද්‍රවශීලතා අතිරික්තය රුපියල් ට්‍රිලියන 9.7ක්, එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 102.7කට ආසන්න මට්ටමකට ළඟා වී තිබෙනවා.

එය කොවිඩ් වසංගතයෙන් පසු 2021 සැප්තැම්බරයේ වාර්තා වූ රුපියල් ට්‍රිලියන 9.2ක පෙර වාර්තාව ද ඉක්මවා යාමක්.

ඉන්දීය සංචිත බැංකුව හඳුන්වාදුන් විශේෂ ක්‍රමවේදයක් යටතේ විදේශගත ඉන්දියානුවන්ගෙන් ඩොලර් බිලියන 127.23ක විදේශ මුදල් තැන්පතු බැංකු විසින් රැස්කර තිබෙනවා. එම මුදල්වලින් විශාල කොටසක් සංචිත බැංකුව සමඟ රුපියල්වලට හුවමාරු කිරීම මෙම අතිරික්තය ඉහළ යාමට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව පොලී අනුපාත පාලනය සහ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මෙම අතිරික්ත මුදල් ප්‍රමාණයෙන් කොටසක් වෙළෙඳපොළෙන් ඉවත් කරගැනීමට RBI වෙත විවිධ මූල්‍ය මෙවලම් භාවිත කිරීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිතුමියත් දැන් අනාරක්ෂිතයි ?දේශපාලකයා විතරක් නෙවෙයි හිඟන්නත් අනතුරේ
04:04
Video thumbnail
නාමල්ට හිරගෙට යන්න වුණු හේතුව - සාගරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
19:10
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:53
Video thumbnail
වැව අසළින් මතුවූ සැකකටයුතු පාර්සලය
00:56
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
නාමල් වැලිකඩට ගියත් එක්කම ප්‍රබලයෙක් වැලිකටඩ එයි
01:39
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා
00:56
Video thumbnail
පොහොට්ටුවේ සංජීව ආණ්ඩුවට ස්තූති කරයි - මාලිමාව, මහින්දට Invitation එකක් යැව්වා වගේ
02:50
Video thumbnail
ඇමතියෙක්ගේ ව්‍යාපාරික සගයගේ සාක්ෂියෙන් නාමල් ඇතුළට ගත්තේ - චානකගෙන් හෙළිදරව්වක්
06:36
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන මිනිස්සු කියන කතා - ජනාධිපතිතුමා සපෝට් එකක් දෙන්න එපැයි
03:42