මැදපෙරදිග යුද උණුසුම ඉහළ දමමින්, අමෙරිකාව සහ ඉරානය ගැටුම් යළි උත්සන්න වෙමින් පවතින වාතාවරණයක් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, අද (02) දිනයේ දී ලෝක වෙළඳපොලේ ‘බ්‍රෙන්ට්’ (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය සතියේ එම බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.10ක් ලෙස සඳහන්ව තිබුණා.
එමෙන්ම ‘ඩබ්ලිව්.ටී.අයි.’ (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 91 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මීට පෙර, එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 83.40ක් ලෙස සඳහන්ව තිබුණා.
දෙපාර්ශවය අතර යුද ගැටුම් තවදුරටත් ඉහළ ගියහොත්, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.













