කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් 20 අතරට

2026 වසරේ පළමු මාස 06 ඇතුළත බහාලුම් මෙහෙයුම් 11.9%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින්, කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් 20 අතරට පිවිසීමට සමත්ව ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ මෙම වසරේ මුල් මාස 06 තුළදී පමණක් කොළඹ වරාය මගින් බහාලුම් 4,444,034ක් මෙහෙයවා ඇති බවයි.

මේ අතර පසුගිය 2025 වසරේ මුල් මාස 06 තුළ බහාලුම් 3,972,053ක් කොළඹ වරායෙන් මෙහෙයවා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම වසරේ එය 11.9%ක වර්ධනයක් බවයි පැවසුවේ.

එමෙන්ම පසුගිය වසර තුළ කොළඹ වරාය මඟින් බහාලුම් මිලියන 8.3ක් මෙහෙයවා ඇති බවත්, මෙම වසරේ එම සීමාව ඉක්මවා යෑමට කොළඹ වරායට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

කොළඹ වරාට මඟින් බහුලව ප්‍රති නැව්ගත කිරීම් සිදුකරන බවත්, මෙම කාලය තුළ උතුරු ඉන්දියානු සාගරයේ නාවික ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වර්ධනයත් සමඟ ප්‍රති නැව්ගත කිරීම් සඳහා කොළඹ වරායට ඇති අවස්ථාව ඉහළ ගොස් ඇති බවයි අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15