හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් අද (27) දින කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, මෑතකදී අත්අඩංගුවට ගත් ‘සිරාන් බාසික්’ නමැති පුද්ගලයා සහ තිලකරත්න දිල්ෂාන් සම්බන්ධ කරමින් මුදල් සම්බන්ධ අයථා ක්‍රියාකාරකම්වලට හෝ වෙනත් වංචනික කටයුතු වලට සම්බන්ධ බවට හැඟෙන ආකාරයෙන් ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් පිටු සහ කණ්ඩායම් හරහා අසත්‍යය තොරතුරු සමාජගත කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි.













