අම්බලන්ගොඩ පොලිසියෙන් පහරදීමේ සිද්ධියට අදාළව විමර්ශනයක්

අම්බලන්ගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙක්ට පහර දුන්නා යැයි පවසමින් අදාළ පුද්ගලයාගේ පුත්‍රයෙක් විසින් චෝදන්න කරනු ලබන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

අදාළ වීඩියෝවෙහි පැවසෙන පරිදි අදාළ පුද්ගලයා සතුව ජාතික හැඳුනුම්පතක් නොමැති නිසා පොලිසිය වෙත රැගෙනවිත් දැඩි ලෙස පහර දී තුවාල සිදුකර ඇති තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා චෝදනා කරන්නේ, පහර දෙමින් සහ පිස්තොලය පෙන්වා තම පියාව බිය ගැන්වීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමක දී ඔහු සඳහන් කළේ, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි.