අභාවප්රාප්ත වූ ප්රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.
ඊයේ (21) දිනය පුරාවට එතුමියගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා දේශපාලනඥයින්, කලාකරුවන් සහ මහජනතාව විශාල වශයෙන් එක්ව සිටියා.
එමෙන්ම ඊයේ (21) රතියෙ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ද දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.
එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ පිහිටි නාන්දා මාලනී සංගීත ආශ්රමයේ තැන්පත් කර තිබෙනවා.













