අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (21) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
අද (21) පෙරවරු 10.00 සිට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ දී නන්දා මාලනියගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනවා,
එමෙන්ම ඇගේ අවසන් කැමැත්තට ගරු කරමින්, නිල හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව සෙනසුරාදා පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර නන්දා මාලනීයගේ අභාවය හේතුවෙන් අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.













