ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් අද (20) දිනයේ දී පාර්ලිමේන්තුවට නොයන බව එම සංගමය පවසනවා.
එම සංගමය විසින් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමුකරමින් මේ බව පවසා තිබෙනවා.
පක්ෂ නායකවරයා වෙත යොමුකළ අදාළ ලිපිය මඟින් ඉල්ලා ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ පැවති කටයුතු සහ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්ථාවරය සැලකිල්ලට ගැනීමේදී, මේ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් නොමැති බවත්, තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබාදීමට රජයට දැනට කිසිදු උනන්දුවක් නොමැති බවත් පෙනී යනු ඇතැයි ද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද (20) දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට විපක්ෂ නායකවරයා දැනුම්දීමක් කර තිබුණා.
මේ පිළිබඳව විපක්ෂ නායකවරයා ඊයේ (19) දිනයේ පාර්ලිමේන්තුව දැනුවත් කළ අතර, ඊට රජයේ පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වූයේ නැහැ.













