මධුසමය විඳිමින් සිටි විදෙස් යුවළක් හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට

ග්‍රීකයේ සිෆ්නොස් දූපතේ සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් මධුසමය ගත කරමින් සිටි තරුණ බ්‍රිතාන්‍ය යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (17) දිනයේ සිදු වූ මෙම අනතුරෙන් ඔවුන් දෙදෙනා ගමන්ගත් හෙලිකොප්ටර් යානාවේ ගුවන් නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

අදාළ හෙලිකොප්ටරය යානය ගොඩබෑමේ ස්ථානය ආසන්නයේ දී යානය කඩන් වැටී තිබෙනවා.