ජාවාරම් සඳහා මුදල් ආයෝජනය කළ සහ ආධාර උපකාර කළ පිරිස් මේ වන විට දැඩි ලෙස කැළඹීමට පත්ව සිටින බවට නිරීක්ෂණය වී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
මහනුවර දී අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා.
මේ අතර මෙරටින් පළාගොස් විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරින් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති 73 දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා මෙහිදී පැවසුවා.
එමෙන්ම තවත් සියයකට ආසන්න පිරිසක් සිටින බවට විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.
මේ අතර මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මැඩලීම සහ අපරාධ මර්ධනය පිළිබඳව ජාත්‍යන්තරයේ විශේෂ ඇගයීමට ලක්ව ඇති බවත් පොලිස්පතිවරයා සදහන් කළා.
මෙම මෙහෙයුම් සඳහා ජාත්‍යන්තරයේ ද උපරිම සහයෝගය ලබාදෙන බවට දැනුම් දී ඇති බවත් මෙහිදී පොලිස්පතිවරයා පැවසුවා.













