මුල් ආකෘතිය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීතිය තදවෙයි

මුල් ආකෘතිය වෙනස් කර ඇති සහ ලියාපදිංචි නොකළ එන්ජින් ධාරිතාවට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.

අද (13) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට හෝ රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින්ට වාහන ලබාදෙන දෙමාපියන් ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා මාර්ග අනතුරු 1,605ක් වාර්තා වී ඇති අතර, එම අනතුරුවලින් පුද්ගලයින් 1,693 දෙනෙකු මියගොස් ඇති බව ඔහු සඳහන් කළා.

මියගිය පුද්ගලයින් අතර පදිකයින් 555 දෙනෙකු, යතුරුපැදිකරුවන් 603 දෙනෙකු, පසුපැදිකරුවන් 119 දෙනෙකු, පාපැදිකරුවන් 115 දෙනෙකු, රියදුරන් 136 දෙනෙකු සහ මගීන් 162 දෙනෙකු සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43