ලොව ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස සැලකෙන පෘතුගාල පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, සිය සහකාරිය වූ ජෝර්ජිනා රොඩ්රිගස් සමඟ විවාහ ගිවිස ගෙන තිබෙනවා.
වසර 10කට ආසන්න කාලයක් තිස්සේ පැවති සබඳතාවයෙන් පසුව සිදු වූ මොවුන් දෙපළගේ මෙම විවාහය පෘතුගාලයේ කැස්කයිස් ප්‍රදේශයේදී ඊයේ (11) පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විවාහ උත්සවය ඉතා පෞද්ගලික හා සරල ආකාරයෙන් පවත්වා ඇති අතර ඊට සහභාගී වී තිබුණේ ඔවුන්ගේ පව්ලේ සමීපතමයන් කිහිප දෙනෙක් පමණක් බව ද වාර්තා වල සඳහන්.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ වන විට 41 වැනි වියේ පසුවන අතර ජෝර්ජිනා රොඩ්රිගස් 32 වියේ පසුවනවා.













