විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
අද (11) පස්වරු 01ට අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කර ඇති පසු බිමක මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන රැසක් සිය විරෝධය පළ කළා.
.













