ලග්ගල පොලිස් වසමේ තෝරපිටිය හන්දිය ආසන්නයේ තියුණු ආයුධයකින් පහර දී ඊයේ (10) පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මා ඔය, ගම්මාන 01 ප්රදේශයේ පදිංචිව සිටි අවුරුදු 78ක පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා සහ ඔහුගේ බෑනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සිදුකළ සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ලග්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













