දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් කොස්වත්ත පොලිස් වසමේ ලුණුවිල ප්‍රදේශයේ පොල් වගා ඉඩමක තිබී සොයාගෙන තිබෙනවා.
කොස්වත්ත පොලිසිය මඟින් ඊයේ (10) සොයාගෙන ඇති මෙම මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ.
මරණකරු අවුරුදු 70ක් පමණ වූ පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහු සුදු පැහැති කොට කලිසමක් හා කළු පැහැති අත්දිග කමිසයක් හැඳ සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මරණය දින කීපයකට පෙර සිදුවන්නට ඇති බවට සැක කෙරෙන පොලිසිය, මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසිංහ හේරත් මහතා මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ ඊයේ (10) මූලික ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබෙනවා.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හලාවත මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
කොස්වත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













