කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ට ඇප ලබාදෙනවා ද නැතහොත් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා ද යන්න නියෝගය අද (10) පස්වරු 5.30ට ලබාදීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත අද පෙරවරුවේ කැඳවා තිබුණා.













