පූසන්ගේ දිනය දා පූසෙකුට වධ දී ෆේස්බුක් දැමූ තරුණයින් දෙදෙනා රිමාන්ඩ්

පසුගිය 08 වනදාට යෙදී තිබූ ලෝක පූසන්ගේ දිනය දා පූසෙකුට වධ හිංසාකර උස් ස්ථානයක සිට විසි කිරීමේ සිද්ධියක් විඩියෝ කර සමාජ මාධ්‍යයට එක්කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලාතුඔය පොලිසිය විසින් අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සිදුවීම පිළිබඳ සත්ව සුබසාධන සංවිධානයක් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාතුඔය, ඇතුල්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 19 යන වයසේ පසුවන තරුණයන් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් පොලසිය හමුවේ පවසා ඇත්තේ මෙය තමන් විසින් විනෝදය සඳහා සිදුකළ ක්‍රියාවක් බවයි.

අදාළ වීඩියෝව පටිගත කළ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගැනීමට ද පොලිසිය කටයුතු කර තිබෙනවා.

සැකරුවන් දෙදෙනා ඊයේ (09) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි තලාතුඔය පොලිසිය පැවසුවේ.