දෙහිවල – කඩවත පාර ප්‍රදේශයේ වෙඩි තැබීමට ආ ශූටර් අල්ලයි

දෙහිවල පොලිස් වසමේ කඩවත පාර ප්‍රදේශයේ දී පසුගිය 04 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ දී මෙම සැකකරු ඊයේ (09) ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු 23 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

දෙහිවල, කඩවත පාරේ දහනායක ක්‍රීඩාංගනය අසලදී බේකරි හිමිකරුවෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකිරීමට උත්සාහ කර ඇති අතර, එහිදී වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බේකරි හිමිකරු වහාම ක්‍රියාත්මක වී වෙඩික්කරු සමඟ පොරබැඳ ගිනි අවිය සිය භාරයට ගෙන එම අපරාධය ව්‍යර්ථකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57