Empty Ad
AFC Banner
Empty Ad

තවත් අභිරහස් මළ සිරුරක් ගඟක පාවෙයි – හමුදා බුද්ධි නිලධාරීනුත් මැදිහත් වෙයි

දෙනිපිටිය, පොල්වතුමෝදර ගඟේ පාවෙමින් තිබූ තවත් අභිරහස් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි නිලධාරීන් විසින් පොල්වතුමෝදර ගඟේ පරික්ෂාවක් සිදුකර තිබෙනවා.

එහිදී මෙම මළ සිරුර සොයා ගැනීමට හැකියාව ලැබි තිබෙන අතර එය පිරිමි පුද්ගලයෙකුගේ බවයි සඳහන් වෙන්නේ.

මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි වී නැහැ.

මෙම සිරුර සොයාගෙන තිබුණේ ඊයේ (29) දිනයේ වන අතර පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීම සඳහා මිය ගිය පුද්ගලයාගේ සිරුර මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

සිදුවීමට අදාළ දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?