පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 38ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට

මීගමුව, දළුපොත, පල්ලන්සේන බන්ධනාගාරයේ ඊයේ (07) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තව දුරටත් එම බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.

ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගර වෙත මාරුකර යවා ඇති අතර, තවත් රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාර රෝහලටත් මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව මීගමුව බන්ධන්ගාරය වෙත රැඳවියන් 15 දෙනෙකු මාරුකර යවා ඇති අතර, තවත් රැඳවියන් 25 දෙනෙකු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙතත් මාරුකර යවා තිබෙනවා.

මීට අමතරව පල්ලන්සේන බන්ධනාගාරයේ රඳවා සිටි තවත් රැඳවියන් 38 දෙනෙක් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙතත් මාරුකර යවා ඇති බව සඳහන්.

මෙලෙස වෙනත් බන්ධනාගාර වෙත සහ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යැවූ රැඳවියන්ගේ නාම ලේඛනයක් අද (08) පෙරවරුවේ පල්ලන්සේන බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27