ප්‍රේම සම්බන්ධතාවයක් මුලික කරගෙන මාරවිල ප්‍රදේශයේ නිවසක කාන්තාවන් පිරිස ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
කාන්තාවන් පිරිසක් නිවසකට පැමිණ එම නිවසේ පදිංචිව සිටින කාන්තාවන් පිරිසක් සමඟ මෙලෙස ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම කාන්තාවන්ගේ පිරිසගේ පහර දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණෙන පිරිමි පුද්ගලයින් පිරිසක් විසින් ද නිවසේ සිටි කාන්තාවන්ට මුගුරුවලින් පහර දී තිබුණා.
සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුද්ගලයෙකු සඳහන් කර තිබුණේ කිහිප අවස්ථාවකම පහර දීමට ලක් වු නිවැසියන්ට පහර දුන් පිරිස විසින් තර්ජනය කර ඇති බවයි.
නිවසට පහර දුන් පිරිස විසින් දේපළවලටද හානි කර තිබූ අතර නිවසේ සවි කර තිබූ සිසිටීව් කැමරා පද්ධතියත් කඩා දමා තිබුණා.
සිදුවීම සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විසින් පරික්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් සඳහන්.
එම පහර දෙන අවස්ථාවේ දර්ශන පහතින්