ඉන්දියාව ‘අග්නි-4’ බැලැස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

ඔඩිෂාහි චන්දිපූර් හි පිහිටි ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේ සිට මධ්‍යම පරාසයේ බැලැස්ටික් මිසයිලයක් වන ‘අග්නි-4’ සාර්ථකව අත්හදා බැලීමට ඉන්දියාව සමත්වී ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

මූලෝපායික බළකා විධානයේ අධීක්ෂණය යටතේ සිදුකරන ලද මෙම පරීක්ෂණාත්මක නිකුත් කිරීම මඟින් මිසයිලයේ සියලුම මෙහෙයුම් සහ තාක්ෂණික පරාමිතීන් සාර්ථකව තහවුරු කරගත් බව සඳහන්.

ඉන්දියාවේ මූලෝපායික න්‍යෂ්ටික බලඇණියේ නිවැරදිභාවය සහ මෙහෙයුම් සූදානම තහවුරු කිරීම සඳහා වන පරීක්ෂණ වැඩසටහනක කොටසක් ලෙස මෙම අත්හදා බැලීම සිදුකර තිබෙනවා.

මෙම අග්නි-4 මිසයිලය කිලෝමීටර 4,000 ක පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත නිවැරදිව පහරදීමේ හැකියාවෙන් යුක්ත වනවා.

පියාසර අතරතුර මාර්ගය නිවැරදි කරගැනීමේ හැකියාව ඇති 5 වන පරම්පරාවේ පරිගණක පද්ධති මෙන්ම Ring Laser Gyro පදනම් කරගත් සංකීර්ණ සංචලන පද්ධති ද මෙම මිසයිලයට අන්තර්ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27