මීගමුව, දළුපොත, පල්ලන්සේන බන්ධනාගාර තුළ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට තවත් උණුසුම් වී ඇති බව දසත නිවුස් මාණ්ඩලික වාර්තාකරු සදහන් කළා.
ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර රැඳවියන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
බන්ධනාගාරය ඇතුළත පවතින තත්ත්වය නිරීක්ෂණය සඳහා මේ වනවිට ඩ්‍රෝන යානා ද යොදවා තිබෙනවා.
බන්ධනාගාරයේ ඉඩ පහසුකම් හා සනීපාරක්ෂක පහසුම් නොමැති වීම සහ කඩිනමින් නඩු අවසන් කරන ලෙස ඉල්ලා මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගත්තා.
මේ අතර පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් ද පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරු කර තිබුණා.













