කොත්මලේ වාන් දොරටු අද උදෑසන 8ට යළි විවෘත කෙරේ
ඇති වූ වර්ෂා තත්ත්වයත් සමඟ අද (05) උදෑසන 8ට පමණ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව තත්ත්පරයට ගණ අඩි 130ක ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත අතර මේ හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්රදේශවල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද දැනුම් දී තිබෙනවා.













