චාමිකගේ DNA පරීක්ෂණය සිදු කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (04) ප්‍රතික්ෂේප කළා.

සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බවත් එම දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණය සදහන් කළා.

මෙම පැමිණිල්ල ඉදිරි පියවර සඳහා ඔක්තෝබර් මස 9 වන දා නැවත කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20