ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බවත් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් යෝජනාවක් අත්සන් කර තිබෙනවා.
ඊයේ (03) දිනයේ දී අත්සන් තැබුණු මේ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අත්සන් කරනු ලැබුවා.
එම යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාට බාර දීමට නියමිතයි.













