මහර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමත් සමඟ දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධව අවධානයෙන් පසුවන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසනවා.
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අද (02) පෙරවරුවේ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සදහන් කළා.
ඒ අනුව වැලිකඩ, මැගසින්, කළුතර, මීගමුව ඇතුළු සියලු බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් මේ වන විට යොමුකර ඇති බව ඖ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.













