මහරට පැනවූ ඇඳිරිනීතිය තවදුරටත් – ජනතාවට විශේෂ දැනුම්දීමක්

මහර පොලිස්බල ප්‍රදේශයට පැන වූ ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.

ඒ, අනුව එම ප්‍රදේශයේ ජනතාවට නිවෙස්වලට වී සිටින්නැයි පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් කරනවා.

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවත් සමඟ බන්ධනාගාරයේ පිටත තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (01) රාත්‍රියේ පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළා.