හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් අධිකරණයේ සියලු ආලෝක පහන් නිවා දමා අවසන් තීන්දුව ලැබුණේ මෙහෙමයි

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබිය දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සාපරාධී ලෙස වගකීම් පැහැරහරිමින් පුද්ගලයින් 268 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 586කට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2022 වසරේ පෙබරවාරි 18 වනදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණා

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහි තීන්දුව ලබා දෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරමින් නැවත නඩුවේ විත්තිවාචක කැඳවන ලෙස නියෝග කළා.

ඒ, අනුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්තිවාචක කැඳවමින් නඩුව යළි විභාග කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඊයේ (31) දිනයේ දීයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඒ අනුව අධිකරණයට පැමිණ සිටියා.

ඒ, අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පිළිබඳ නඩු තීන්දුව පළමුව ප්‍රකාශයට පත් කළා.

එහිදී නඩුවේ තීන්දුව බෙදුම් තීන්දුවක් ලෙස ලබා දෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සහ තිලකරත්න බණ්ඩාර මහතා ඒකමතිකව එක් තීන්දුවක් ලෙසත් විරාජ් වීරසූරිය මහතා එක් තීන්දුවක් ලෙසත් ප්‍රකාශයට පත් කළා.

එහිදි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර වරදකරු කරන බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා.

අදාල කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා.

එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා

කාත්තන්කුඩි ප්‍රදේශයේ යතරුපැදියක් පුපුරවා හැරීමත් එය සහරාන් හෂීම්ගේ පුහුණුවක් බවත්, සහරාන් හෂීම් ගැන තොරතුරු සහ රැදී සිටි ස්ථානවල තොරතුරුත්, සහරාන් හෂීම් 2019/04/21 ස්ථාන 08ට ප්‍රහාර එල්ල කරන බවට වූ නිලන්ත ජයවර්ධනගේ කෙටි පණිවුඩයත් ඇතුළු චූදිතට ලැබුණු තොරතුරු 8ක් තියෙනවා/

එම කරණු 08 විත්තියේදී පිළිගෙන තිබෙනවා.

තොරතුරක් බුද්ධි තොරතුරක් නොවුනද ඒ පිළිබද විමර්ශන කරන්න පොලිස්පතිට බලතල තියෙනවා.

ඒවාට පැමිණිල්ලේ සාක්ෂි උපුටා දක්වයි

දේශබන්දු සාක්ෂිය,

ස්වාමීනි බුද්ධි තොරතුරක් වැඩි දියුණු කරන්න ඕනේ පොලිස්පති මම කරන්නේ බුද්ධි තොරතුරක් ආවාම අදාල අංශවලට භාර දෙනවා

සී.ඩී. වික්‍රමරත්න

ස්වාමීනී, බුද්ධි අංශයේ තොරතුරක් සියයට සියයක් සත්‍යය වෙන්න ඕනෙ නැහැ ඒකේ තියෙන බරයි වැදගත් පොලිස්පති තමයි ඒක වැඩිදියුණු කරන්න ඕනේ.

උපුටා ගැනීම අවසන්..

පැ.ස 01 ලබාදුන්න තොරතුරු විමර්ශනය කරන්න චූදිත කටයුතු කරලා නැහැ
ප්‍රහාරයට පෙර දින ලැබුණු පණිවුඩයමත මෙය නවත්තගන්න කිසිදු පියවරක් ගෙන නැහැ
පැමිණිලි සාක්ෂි උපුයගටි දක්වයි
දේශබන්දු
පෙර දවසේ ලැබුණු තොරතුරෙන් ප්‍රහාරය නවත්තගන්න පුළුවන්

සී ඩී වික්‍රමරත්න
විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා සමග පොලිස්පති නිතර සම්බන්ධයි
ඕනෙම වෙලේක කතා කලොත් උපදෙස් දෙන්න පුළුවන්

උපුටා ගැනීම අවසන්

ඒ අනුව තොරතුරු ලැබුණද ප්‍රහාරය වන තෙක් නිශ්ශබ්දව සිට ඇත
පැ.43 තොරතුරු සම්බන්ධව චූදිතට ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් කාලයක් තිබී ඇති බවට සැක මතුව ඇත
පැ.43 තොරතුරු ඉන්දීය ජාතිකයින් ගැවසෙන හෝටල් පල්‍ලිවලට ප්‍රහාර එල්ල වන බවට තොරතුරු ලැබී ඇත
චූදිත – පහළ නිලධාරීන්ට FNA (For Necessary Action) ලෙස සටහන් කොට පහළ නිලධාරීන්ට සටහන් තිබෙනවා.

චූදිත පහළ නිලධාරීන්ට FNA (For Necessary Action) ලෙස සටහන් කොට පහළ නිලධාරීන්ට සටහන් යවා මේකෙන් ගැලවෙන්න බැහැ
මීළඟට මානසික අංගය පිළිපදව සලකා බැලීමේ දී
පැ.43 sms පණිවුඩයෙ චූදිතගේ ප්‍රතිචාරය
නන්දනට කියන්න යනුවෙන් පමණයි
සිදුවීම වන දින තෙක් කිසිවක් සිදුනොකීරීම හිතාමතා කරන නොකර හැරීමකට සාක්ෂි දක්වයි.

නන්දනට කියන්න
හරි නිලන්ත බලලා කියන්නම්
නිලන්ත ඔයා රවීට කියන්න
ඉහළ ප්‍රතිචාර තුනම ඒකාකාරීයි
ඒවා හිතාමතා මගඇරීම සම්බන්ධයෙන සාක්ෂි ලබා දෙයි

ප්‍රහාරයට පසු දින සක්‍රීයව කටයුතු කරලා තියෙනවා
මෙම සක්‍රීය බව ප්‍රහාරයට කලින් තිබිලා නැහැ

චූදිත දීර්ඝ කාලයක් පොලිස් රාජකාරියේ යෙදී තිබෙනවා
බරපතල තොරතුරක් ලැබුණු පසු ක්‍රියා නොකලොත් සිදුවන දේ ගැන හොද අවබෝධයක් තිබෙනවා

මෙය සාමාන්‍ය මානුෂික අත්වැරදීමක් නොව
සාමාන්‍ය මානුෂික අත්වැරදීමක් දිගින් දිගටම විය නොහැකියි

ප්‍රහාරය සිදුවන දින නිවාඩු දිනයක් බවත් පාස්කු ඉරිදා නිසා පල්ලිවල ජනතාව රැස්වන දිනයක් බවත් චූදිත නොදන්න කරුණක් විය නොහැකියි

ඒ අනුව චූදිත 1 – 855 දක්වා (511 හැර) සියලුම වරදවල්වලට සාධාරණ සාක්ෂි පැමිණිල්ලෙන් ඔප්පු කොට ඇත.

එම නිසා එකී සියළු චෝදනාවලට චූදිත වරදකරු බවට තීරණය කරනවා.

මෙහිදී සුළුතර තීන්දුව විනිසුරු විරාජ් වීරසූරිය මහතා ප්‍රකාශයට පත් කළා

ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවා තිබෙන්නේ සිදුවීම් 06ක් පාදක කරගෙන
1 අල්ලියාර් සිදුවීම
2 වව්නතිව් ප්‍රහාරය
3 මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීම
4 වනාතවිල්ලුවේ ප්‍රහාරය
5 නවසීලන්තයේ crist church ප්‍රහාරය
6 කාත්තන්කුඩි යතුරුපැදි පිපිරවීම

නීතිපති යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය ස්වාධීනව කළ යුතුයි
දේශපාලන අරමුණකින් තොරව නීතිපති කටයුතු කරනු ඇතැයි සියලු දෙනා අපේක්ෂි කරනවා
එසේ නොවුනහොත් යුක්තිය පසදලීම අපගමනය වනවා.

සමස්ත සාක්ෂි සලකා බැලීමේදී ඒවා අසම්පූර්ණ බවත් සැක සහිත බවත් චෝදනා ඔප්පු කර නොමැති බවත් පෙනී යනවා.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත් නිවේදනය කළා.

අනතුරුව දෙපාර්ශ්වයේ නීතිඥයින්ට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දුන්නා.

එහිදී පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ,

ස්වාමීනි මගේ සේවාදායකයා වරදකරු කරලා තියෙනවා ඔහු වසර 35 පොලිස් රාජකාරියේ නිරතවෙලා තියෙනවා.
ඒ කාලය තුල කිසිම විනය විරෝධී චෝදනාවක් නැහැ නීතිපති මේ නඩුවේ චූදිත වන 34 පොලිස්පතිට පමණක් චෝදනා එල්ල කර සාක්ෂි ලබා දීලා තියෙනවා. මෙම ප්‍රහාරයේ එකම චූදිතයා ලෙස හිටපු පොලිස්පති නම් කරලා තියෙනවා. මගේ සේවාදායකයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලක්ෂ 750 වන්දියක් නියම කළා. තවත් සිවිල් නඩු 299 පමණ අධිකරණවල පවතිනවා.
එ සදහාත් විශාල කාලයක් සහ මුදලක් වැය කරලා තියෙනවා. ඔහු මේ රැකියාවාන් හම්බ කරගත්තු දෙයක් නැහැ.
ඔහුට අදටත් ඉන්න නිශ්චිත වාසස්ථානයක් නැහැ භාර්යාව දරුවන් දෙදෙනා තවම ඉන්නේ මොහු යටතේ මගේ සේවාදායතයා ජීවිතයෙන් බාගයක් කැප කළේ පොලිස් දෙපාර්තමේන්තුන වෙනුවෙන්. ඔහුට හෘදයාශිත රෝගාබාදයක් තිබෙනවා දෙපාවල දණිස් ආශ්‍රිතව බරපතල රෝගී තත්ත්වයක් තියෙනවා. මේ කරුණු සලකා බලා දිය හැකි ලිහිල්ම දඩුවම ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

අනතුරුව නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් කරුණු දැක්වූවා

මෙවැනි චෝදනාවක් සම්බන්ධයෙන් නීතිපති මහධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල් ඉදිරියට ගෙන ආ ප්‍රථම වතාව වින්දිතයන් වෙනුවෙන් උපරිම වන්දියක් නියම කරන ලෙසත් බනධනාගාරගත කර උපරිම දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

අනතුරුව
1-33
68-123
269-283
691-699
723-744
763-793
854-855 දක්වා චෝදනා සම්බන්ධයෙන් චූදිතට මරණ දඩුවම නිකුත් නොකිරීමට හේතු තිබේනම් අධිකරණයට දන්වන ලෙස විනිසුරුවරුන් දන්වා සිටියා.

එහිදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කරුණු දැක්වුවා.

ස්වාමීනි, මම හිතලා කිසිම දෙයක් කරලා නැහැ. පොලිසියට බැඳුණු දවසේ ඉඳන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළා. මම වැඩ කළේ නිලධාරීන් සමූහයක් එක්ක. වගකිව යුතු පුද්ගලයින්ව මුදා හැරලා තියෙනවා. එතනදී මම ගොඩක් අසරණ වුණා. හැම පැත්තකින්ම පීඩනයට පත්වෙලා ඉන්නේ ස්වාමීනි මේ සිද්ධියෙන් පසු අද වෙනකන් මූලික අයිතිවාසිකම් නඩු සිවිල් නඩු වලින් මට මගේ බිරිඳට දරුවන්ට ලොකු පීඩනයක් තියෙනවා.මම කිසිදු දිනක පුද්ගලයෙක්ටවත් පොලිස් නිලධාරියෙක්ටවත් අකටයුත්තක් කරලා නැහැ. මම අදහන ආගම අනුව මේ මගේ පෙර කරුමයක් කියලා හිතනවා
මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අනුකම්පාවෙන් මා ගැන සලකා බලන්න කියලා රටේ පොලිස්පතිවරයා හැටියට පමණක් මට මෙහෙම කරන එක ගැන මානුෂීය වශයෙන් සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා

ඒ අනුව වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට

34-67
124-268
284-511
512-690
700-722
745-762
794-853

යන චෝදනාවලට එක් එක් චෝදනාවට වෙන් වෙන් වශයෙන් වසර 12 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඩුවම් ද රැපියල් 5000 බැගින් දඩ මුදල්ද නොගෙවන්නේ නම් මාස 6 සිර දඩුවම් ද නියම කළා.

අනතුරුව අධිකරණයේ සියලු ආලෝක පහන් නිවා දමා සියලු දෙනාම නිශ්ශබ්දව ආසනවලින් නැගිට සිටියා

සභාපති විනිසුරු පියන්ත ලියනගේ,

1-33
68-123
269-283
691-699
723-744
763-793
854-855
යන චෝදනාවලට වරදකරු කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීජනරජයේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තොරාගනු ලබන නිශ්චිත දිනයක නිශ්චිත ස්ථානයක ප්‍රාණය නිරුද්දවන තුරු ගෙළ වැළලා එල්ලා තිබීමට නියෝග
කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01
Video thumbnail
ලෙඩෙක්ට ඉදගන්න බංකුවක් තියන්න නොදෙන මිනිස්සු.."ලෙඩ්ඩු ගිහින් දාන්න වැඩිහිටි නිවාසයකට.."
05:02
Video thumbnail
කිරි කොරහා නටන්න දඹානේ ඉදලා මාදම්පෙට ආ ආදිවාසින් - කොහොමද ඒ නැටුමේ ලස්සන ?
02:32
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු
01:42
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු - මුහුදු රළුවෙයි - සුළං තදවෙයි
02:06
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08