ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය බැඳීමකින් තොරව රටක් දියුණු කළ නොහැකියි – ජනපති අනුර කුමාර

රටක් ගොඩනැගීමේදී හුදු භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එම සංවර්ධනය රටේ සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමග ඓන්ද්‍රීයව බැඳී පැවතිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රටේ සංස්කෘතිය සහ වටිනාකම් සමග අක්මුල් විදාහගත සබඳතාවකින් තොරව, රටක් දියුණු කළ නොහැකි බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ලොව බොහෝ රටවල් දියුණුව අත්පත් කරගෙන ඇත්තේ සිය සංස්කෘතික පදනම මත පිහිටා බව ද පෙන්වා දුන්නේය. එමෙන්ම ජාතීන් අතර සමගිය සහ සහජීවනය ගොඩනැගීමේදී මෙම සංස්කෘතික පදනම ඉතා වදගත් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින බුද්ධශාසන සහ ආගමික කටයුතු අංශය, සංස්කෘතික කටයුතු අංශය සහ ජාතික උරුමයන් අංශය යන ප්‍රධාන අංශ 03 වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 9535.45ක පුනරාවර්තන වියදම් සහ රුපියල් මිලියන 5,401.40ක ප්‍රාග්ධන වියදම් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙන්ම 2027 අයවැය යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණා.

ග්‍රාමීය ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය යටතේ විහාරස්ථානවල දානශාලා ඉදිකිරීම, ජල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන සියලු ආගම්වල දහම් පාසල් සංවර්ධනය සහ දිට්වාවලින් විනාශයට පත් ආගමික ස්ථාන නැවත ගොඩනැංවීම වෙනුවෙන් රුපියල් මිලියන 601ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඉන්දීය ආධාර යටතේ සිදු කෙරෙන ආගමික ස්ථාන සඳහා සූර්යබල විදුලි පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ඉඩම් ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති සියලු ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට විසදුම් ලබා දෙමින් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

සංස්කෘතික අංශය යටතේ රුපියල් මිලියන 521ක ප්‍රතිපාදන යටතේ සංස්කෘතික මධස්ථාන මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරුණු අතර අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු, ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ජංගම රාක්ක පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡාවට ලක් වුණා.

අපේ උරුමයන් සහ ඉතිහාසය නූතන පරපුරට සමීප කිරීම සඳහා ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා හුදු ගොඩනැගිල්ලක් තුළට සීමා නොවී, නූතන තාක්ෂණය භාවිතා කරමින් ඉතිහාසය සජීවීව අත්විඳිය හැකි අන්දමින් කෞතුකාගාර ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

2018-2019 වසරවල දී ආරම්භ කර, පසුගිය රජයන් යටතේ අක්‍රමවත් ලෙස අතහැර දමා තිබූ ජාතික කලාභවන නවීකරණය, ජෝන් ද සිල්වා සමරු රඟහල සහ අමරදේව අසපුව වැනි ව්‍යාපෘතිවල ගැටලු නිරාකරණය කරමින් ඒවා කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මෙහිදී සඳහන් කළා.

විශේෂයෙන්ම ජාතික කලාභවනේ ඉදිකිරීම් කටයුතුවල පැවති ප්‍රමිතියෙන් තොර තත්ත්වයන් සහ අක්‍රමිකතා හේතුවෙන් සිදු වූ ප්‍රමාදයන් වළක්වා, මෙම වසර අවසන් වන විට එහි කටයුතු නිම කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නා.

ජාතික පුස්තකාල ගොඩනැගිල්ලේ නවීකරණ කටයුතු සහ කලා මණ්ඩලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධනය කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු දේපළ පාලනයේදී පසුගිය කාලය පුරා පැවති දුර්වලතා සහ අක්‍රමිකතා පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු කෙරුණු අතර ජනතා දේපළ අක්‍රමවත් ලෙස භාවිත වන තත්ත්වයෙන් වළක්වා ගැනීම සඳහා අදාළ පනත් සංශෝධනය කිරීමටත්, පාඩු ලබන හෝ ඵලදායී නොවන භාරයන් පිළිබඳ විධිමත් සමාලෝචනයක් කර නව නීතිමය රාමුවක් සකස් කිරීමටත් නිලධාරීන්ට උපදෙස් දුන්නා.

එමෙන්ම දැනට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ එකම කාර්ය සිදු කරන ආයතන පවතින බැවින් එවැනි ආයතන එකාබද්ධ කිරීම වෙනුවෙන් යෝජනාවක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.

2027 සමකාලීන කලාව සහ කලාකරුවන් වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සහිත නව අරමුදලක් පිහිටුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, විද්‍යාත්මක පදනමක් යටතේ කලාව සහ කලාකරුවන් දිරිමත් කිරීම අරමුණු කර ගනිමින් එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:00
Video thumbnail
අපේ සල්ලිවලට මොකද්ද වෙන්නේ...?
01:44