එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින් පත් කර තිබෙනවා.
ස්ටීවන් ෆ්ලෙමින් වසර 17ක කාලයක් අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔහු ජාතික කණ්ඩායම ප්‍රධාන පුහුණුකරුවෙක් ලෙස මීට පෙර කටයුතු කර නැහැ.
ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන්වනවාත් සමඟම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ඔහු වෙත පැවරුණා.
කෙසේ වෙතත් පසුගිය දා ස්ටීවන් ෆ්ලෙමින් එම තනතුරින් ඉල්ලා අස් වුණා.
මේ අතර එංගලන්තයේ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර 53 හැවිරිදි ස්ටීවන් ෆ්ලෙමින් නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
මේ අතර ජෝ රූට් නැවත වරක් එංගලන්ත ටෙස්ට් නායකයා ලෙස පත්කර තිබෙනවා.













