විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට නීති වෘත්තියෙන් 97%ක් විරුද්ධයි – නීතිඥ සංගමයේ සභාපති

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විරෝධය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිනවා.

එවන් තත්ත්වයට නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසන්නේ ඔහුගේ ඇස්තමේන්තුව අනුව, නීති වෘත්තියෙන් 97% කට වඩා වැඩි ප්‍රමාණයක් සහ සමස්ත අධිකරණයම පාහේ මෙම පියවරට විරුද්ධ බවයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා මේ බව පවසනවා.

රට පුරා ශාඛා නීතිඥ සංගම්වලින් නීතිඥ සංගමයට දැන් යෝජනා ලැබී ඇති බවත්, යාපනය නීතිඥ සංගමයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නවතම නියෝජනයක් ලැබී ඇති බවත් ඔහු පවසනවා.

වෘත්තිය පුරා සිටින පණිවිඩය වඩ වඩාත් පැහැදිලි, ස්ථාවර සහ නිසැක වෙමින් පවතින බවත්, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted