මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා රැගෙන යමින් සිටි හීලෑ අලියෙක් ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙම අලියා ලොරි රථයකින් රැගෙන යමින් සිටිය දී එම ලොරි රථය මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
එහිදී එම සත්වයා ලොරි රථයෙන් බස්සවා මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවේ දී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනයවූ වූ වැලි ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
ටිපර් රථයේ ගැටුණු අලියා මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් ඇති අතර, මේ වනවිට අනතුර සිදුකළ ටිපර් රථ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (28) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයේ සිට රැගෙන ගිය රන්දෙණියේ බණ්ඩාර නැමැති අලියායි.













