ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලියට ඉන්දීය සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ශුබ්මන් ගිල් (නායක, කේ.එල් රාහුල්, යෂස්වි ජයිස්වාල්, රිෂාබ් පාන්ට්, සායි සුදර්ශන්, ධෘව් ජුරෙල්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදෙව්, මානව් සුතාර්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, ගුර්නූර් බ්‍රාර්, දෙව්දත් පඩික්කල්, සරන්ෂ් ජේන් යන ක්‍රීඩකයින් ඉන්දීය සංචිතයට ඇතුළත්.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා සහ සායි සුදර්ශන්ගේ පැමිණීම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය මත තීරණය වනවා.

තරග දෙකකින් යුත් මෙම තරගාවලිය 2025-27 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත්.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 වනදා දක්වා ගාල්ලේ දී පවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 වනදා දක්වා කොළඹ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted